විදුලිබල වෘත්තීය සමිති සන්ධානය විසින් ක්‍රියාත්මක කර තිබූ වැඩ වර්ජනය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කර තිබේ. කම්කරු කොමසාරිස්වරිය සමඟ අද (මාර්තු 11) සවස් කාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී එළඹුණු එකඟතාවන් මත මෙම තීරණය ගෙන ඇත.
මෙහිදී දෙපාර්ශවය අතර අත්සන් කරන ලද ගිවිසුමකට අනුව වෘත්තීය සමිති සිය ක්‍රියාමාර්ගය අත්හැරීමට එකඟ වී ඇති අතර, ඒ අනුව විදුලිබල ක්ෂේත්‍රයේ සේවා කටයුතු යථා තත්ත්වයට පත්වනු ඇත.
වෘත්තීය සමිති ඉල්ලා සිටි මූලික ඉල්ලීම් සම්බන්ධයෙන් සාධාරණ විසඳුම් ලබාදීමට කම්කරු බලධාරීන් මෙහිදී එකඟතාව පළ කර තිබේ. ඒ අනුව හෙට දිනයේ සිට විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින් සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කිරීමට නියමිතය.














