දූෂණ චෝදනා මත නඩු පවරා ඇති විදුලි හා බලශක්ති අමාත්‍ය පුන්‍ය ශ්‍රී කුමාර ජයකොඩි මහතා වහාම එම ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ. දූෂණයෙන් තොර පාලනයක් පිළිබඳ රජය ලබා දී ඇති පොරොන්දු ප්‍රකාරව, මෙවැනි චෝදනා ලත් පුද්ගලයෙකු අමාත්‍ය ධුරයක තවදුරටත් රැඳී සිටීම රජය අප්‍රසාදයට පත්වීමට හේතුවන බව එම සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර මහතා පෙන්වා දෙයි.
අදාළ ලිපිය මගින් ඔහු අවධාරණය කර ඇත්තේ, අධිකරණයේ නඩුවක් පවතින පසුබිමක කුමාර ජයකොඩි මහතා අමාත්‍ය ධුරයේ රැඳී සිටීම සදාචාරාත්මක නොවන බවයි. එබැවින් වහාම ඔහුව ඉවත් කර පිරිසිදු චරිතයක් එම තනතුරට පත් කරන ලෙසත්, ජනතා විශ්වාසය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසත් පුරවැසි බලය සංවිධානය ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.














