පාසලේ මලල ක්‍රීඩා පුහුණුවීම්වල නිරතව සිටියදී ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කළ 11 වැනි ශ්‍රේණියේ සිසුවෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. බුත්තල ප්‍රදේශයේ පාසලක සිදුවූ මෙම පුවතින් මුළු ප්‍රදේශයම දැඩි කම්පනයට පත්ව ඇත.
අසනීප වූ වහාම සිසුවා බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා තිබේ. කෙසේ වෙතත්, මොනරාගල රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් සිසුවා මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. සිසුවාගේ මරණයට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය මොනරාගල රෝහලේදී පැවැත්වීමට නියමිතය. බුත්තල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.














