අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (11) පෙරවරුවේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ (CSD) හිටපු ප්‍රධාන ගණකාධිකාරීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ සැකකරු විසින් සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා අයතා ලෙස වත්කම් උපයා ඇති බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙනි.
අල්ලස් පනතේ 23 (අ) (1) වගන්තිය යටතේ මොහුට එරෙහිව මෙම චෝදනා එල්ල වී ඇති අතර, 2011 මාර්තු 31 සිට 2013 අගෝස්තු 03 දක්වා වූ කාලය තුළ රුපියල් 4,428,305.70ක මුදලක් අයතා ලෙස උපයා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරු අද දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.














