• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සුරේෂ් සලේට එරෙහිව එල්ල වී ඇති ප්‍රධාන චෝදනා 03ක් ගැන සීඅයිඩීයෙන් අධිකරණයට කරුණු හෙළි කරයි

12 March 2026
in දේශීය, පුවත්
සුරේෂ් සලේට එරෙහිව එල්ල වී ඇති ප්‍රධාන චෝදනා 03ක් ගැන සීඅයිඩීයෙන් අධිකරණයට කරුණු හෙළි කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රධාන කරුණු තුනක් පදනම් කරගනිමින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (11) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අනාවරණය කළේය. වව්නතිව් පොලිස් නිලධාරීන් ඝාතනය සහ සයින්දමරුදු පිපිරීම පිළිබඳ විමර්ශන නොමඟ යැවීම සම්බන්ධයෙන් වූ නඩුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය. බුද්ධි අංශ ඔත්තුකරුවෙකු යොදාගනිමින් කටුවපිටිය පල්ලිය අන්තවාදීන්ට පෙන්වා දීම, ප්‍රහාරයක් පිළිබඳව ලැබුණු පෙර තොරතුරු නොසලකා හැරීම සහ සාක්ෂි වසන් කිරීමට කටයුතු කිරීම යන කරුණු කෙරෙහි විමර්ශකයන්ගේ විශේෂ අවධානය යොමු වී ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පෙන්වා දුන්නේ මීගමුව ප්‍රදේශයේ බුද්ධි අංශ තොරතුරුකරුවෙකු මාර්ගයෙන් කටුවපිටිය පල්ලිය අන්තවාදීන්ට හඳුන්වා දී ඇති බවත්, යුද හමුදා බුද්ධි අංශයේම තවත් ඔත්තුකරුවෙකු කළ පූර්ව දැනුම්දීමක් මත ක්‍රියාත්මක නොවී පසුව එම ඔත්තුකරුවාවම අත්අඩංගුවට ගෙන පරීක්ෂණ යටපත් කිරීමට උත්සාහ කර ඇති බවත්ය. මීට අමතරව, සයින්දමරුදු පිපිරීමෙන් පසු සාරා ජෙස්මින් නැමැත්තිය මියගිය බව තහවුරු කිරීමට මළ සිරුරක් හමු නොවූ පසුබිමක පවා තෙවන වරටත් DNA පරීක්ෂණයක් කරන ලෙස සුරේෂ් සලේ මහතා විමර්ශන නිලධාරීන්ට සහ ආරක්ෂක කවුන්සලයට බලපෑම් කර ඇති බව හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ලබාදුන් ප්‍රකාශ මගින් තහවුරු වන බව ද සීඅයිඩී නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේය.
මෙම චෝදනාවලට දැඩි ලෙස විරෝධය පළ කරමින් සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කියා සිටියේ ප්‍රහාරය සිදුවන අවස්ථාවේ තම සේවාදායකයා ලංකාවේ පවා නොසිටි බවත්, මෙය දේශපාලනිකව මෙහෙයවන පක්ෂග්‍රාහී විමර්ශනයක් බවත්ය. පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූ නිලධාරීන්ම අද විමර්ශන මෙහෙයවීම විහිළුවක් බවත්, ජයකි ද අල්විස් වාර්තාව මගින් සැබෑ වගකිවයුත්තන් කවුදැයි පෙන්වා දී ඇති බවත් ඔහු අවධාරණය කළේය. එමෙන්ම සුරේෂ් සලේ මහතා රඳවා තබාගෙන සිටින ආකාරය ඉතා කෲර බවත්, නීතිඥවරුන්ට පවා ඔහු සමඟ රහසිගතව උපදෙස් ලබා ගැනීමට ඉඩ නොදී මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවත් නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය.
දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ප්‍රකාශ කළේ ඉදිරිපත් වී ඇති සාක්ෂි පාස්කු ප්‍රහාරයට සෘජුව අදාළ වන බැවින් ඒවායේ ප්‍රමාණවත් භාවය ඉදිරි විමර්ශන මත තීරණය කළ යුතු බවයි. සැකකරු වෙනුවෙන් වන සියලු ඉල්ලීම් ලිඛිතව ඉදිරිපත් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, නඩුවට අදාළ වැඩිදුර විමර්ශන වාර්තා ඉදිරිපත් කිරීම සඳහා නඩුව නැවත මාර්තු 25 වනදා කැඳවීමට නියම කළේය.
Post Views: 3
Previous Post

අප විශාල බලපෑමක් ඇති කරමින් සිටිනවා

Next Post

ලාෆ්ස් ගෑස් මිලත් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

Editor TTV News

Editor TTV News

Next Post
ලාෆ්ස් ගෑස් මිලත් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

ලාෆ්ස් ගෑස් මිලත් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
යුක්‍රේනය රුසියාවේ ‘මිසයිල උපාංග’ නිෂ්පාදන කර්මාන්තශාලාවකට ප්‍රහාර එල්ල කරයි

යුක්‍රේනය රුසියාවේ ‘මිසයිල උපාංග’ නිෂ්පාදන කර්මාන්තශාලාවකට ප්‍රහාර එල්ල කරයි

12 March 2026
ඇමෙරිකානු සහ ඊශ්‍රායල බැංකු අසලින් ඉවත් වන්න

ඇමෙරිකානු සහ ඊශ්‍රායල බැංකු අසලින් ඉවත් වන්න

12 March 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ සුළු පහත වැටීමක් වාර්තා කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සුළු පහත වැටීමක් වාර්තා කරයි

12 March 2026
IPL 2026 පළමු අදියරේ තරග කාලසටහන නිකුත් කෙරේ

IPL 2026 පළමු අදියරේ තරග කාලසටහන නිකුත් කෙරේ

12 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යුක්‍රේනය රුසියාවේ ‘මිසයිල උපාංග’ නිෂ්පාදන කර්මාන්තශාලාවකට ප්‍රහාර එල්ල කරයි

යුක්‍රේනය රුසියාවේ ‘මිසයිල උපාංග’ නිෂ්පාදන කර්මාන්තශාලාවකට ප්‍රහාර එල්ල කරයි

12 March 2026
ඇමෙරිකානු සහ ඊශ්‍රායල බැංකු අසලින් ඉවත් වන්න

ඇමෙරිකානු සහ ඊශ්‍රායල බැංකු අසලින් ඉවත් වන්න

12 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved