ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ශ්‍රී ලංකා මුහුදු සීමාවට ආසන්න ජාත්‍යන්තර මුහුදේදී ඉරාන යුද නෞකාවක් ගිල්වා දැමීමට ගත් තීරණය පිළිබඳව ප්‍රශ්න කර තිබේ. කෙන්ටකි ප්‍රාන්තයේ හෙබ්‍රොන් (Hebron) නුවර පැවැති ජන රැළියකදී අදහස් දක්වමින් ට්‍රම්ප් සඳහන් කළේ, අදාළ නෞකාව අත්අඩංගුවට ගෙන භාවිතයට නොගෙන එය විනාශ කර දැමුවේ මන්දැයි තමා හමුදා නිලධාරීන්ගෙන් විමසූ බවයි.
“මම ඔවුන්ගෙන් ඇහුවා ඇයි අපි ඔවුන්ව මරා දැමුවේ කියලා. ඇයි අපිට බැරි වුණේ ඒ නෞකාව අත්අඩංගුවට අරගෙන අපේ නාවික හමුදාවට යොදාගන්න?” යනුවෙන් ඔහු සිය ආධාරකරුවන් හමුවේ පැවසීය. එහිදී එක් ජෙනරාල්වරයෙකු තමාට පිළිතුරු දෙමින් නෞකාව ගිල්වා දැමීම වඩාත් සුදුසු බවත්, “සර්, එය ඊට වඩා ගොඩක් විනෝදජනකයි” යනුවෙන් ප්‍රකාශ කළ බවත් ට්‍රම්ප් හෙළි කළේය.
පසුගිය සතියේදී ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදු තීරයේදී අමෙරිකානු සබ්මැරීනයක් එල්ල කළ ටෝපිඩෝ ප්‍රහාරයකින් මෙම ඉරාන නෞකාව මුහුදුබත් විය. මෙම ප්‍රහාරයෙන් ඉරාන නාවික සේවා සාමාජිකයන් දස දහස් ගණනක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. ඉරාන-ඊශ්‍රායල ගැටුම මධ්‍යයේ ඉන්දීය සාගර කලාපයට ද මෙම යුදමය වාතාවරණය ව්‍යාප්ත වීම කලාපීය ආරක්ෂාවට බරපතල තර්ජනයක් වී තිබේ.

















