හේලීස් (Hayleys) සමූහ ව්‍යාපාරයට අයත් Hayleys Mobility සමාගම, චීනයේ වේගයෙන් වර්ධනය වන Kaiyi Auto සමාගම සමඟ එක්ව නවතම Kaiyi eVibe පූර්ණ විද්‍යුත් මෝටර් රථය ශ්‍රී ලංකා වෙළඳපොළට හඳුන්වා දී තිබේ. තිරසාර සහ තාක්ෂණික මෙහෙයුම් විසඳුම් මෙරටට හඳුන්වා දීමේ අරමුණින් සිදු කළ මෙම සහයෝගීතාවය හරහා, පරිසර හිතකාමී ගමනාගමනයක් අපේක්ෂා කරන පාරිභෝගිකයන්ට නව අවස්ථාවක් හිමි වේ.
ප්‍රධාන වශයෙන් නගරබඩ සහ තදාසන්න ප්‍රදේශවල දෛනික ගමන් බිමන් සඳහා නිර්මාණය කර ඇති මෙම ‘හච්බැක්’ (hatchback) වර්ගයේ මෝටර් රථය, රුපියල් මිලියන 7.9ක හඳුන්වාදීමේ මිලකට ලබාගත හැක. මෙම රථයේ ඇති සුවිශේෂී වාසියක් ලෙස, මුල්ම පාරිභෝගිකයන් 100 දෙනා සඳහා නොමිලේ 3kW සූර්ය බලශක්ති පද්ධතියක් (Solar System) ලබා දීමට ද සමාගම පියවර ගෙන ඇත. එමගින් මෝටර් රථය ආරෝපණය කිරීමේ පිරිවැය තවදුරටත් අවම කර ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබෙනු ඇත.
තාක්ෂණික අතින් ඉහළ මට්ටමක පවතින Kaiyi eVibe රථය, එක් වරක් ආරෝපණය කළ පසු කිලෝමීටර් 300ක දුරක් ධාවනය කිරීමේ හැකියාව (CLTC-certified) සතුය. විනාඩි 30ක ‘ෆාස්ට් චාජින්’ (Fast-charging) පහසුකම, අංශක 360 කැමරා පද්ධතිය, සහ Apple CarPlay/Android Auto සහිත තොරතුරු පද්ධතිය මෙහි ඇති විශේෂාංග වේ. ලොව ප්‍රමුඛතම බැටරි නිෂ්පාදකයෙකු වන CATL සමාගමේ බැටරි තාක්ෂණය මෙහි භාවිත කර ඇති බැවින් ඉහළ ආරක්ෂාවක් සහ විශ්වසනීයත්වයක් ද තහවුරු කර ඇත.
වර්ණ රාශියකින් ලබාගත හැකි මෙම රථය, විශේෂයෙන්ම තාරුණ්‍යය සහ මධ්‍යම පාන්තික පවුල් ඉලක්ක කර ගනිමින් නිර්මාණය කර තිබේ. දැනට ලොව පුරා රටවල් 30කට අධික සංඛ්‍යාවක ව්‍යාප්ත වී ඇති Kaiyi සන්නාමය, ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති ගමනට (NEV transition) නව පණක් ලබා දෙනු ඇතැයි Hayleys Mobility සමාගම විශ්වාසය පළ කරයි.














