Russel’s Wellness ආයතනය සිය ආයතනික සාමාජිකයන් අතරින් තරුණ ව්‍යවසායකයන් බිහි කිරීමේ අරමුණින් සුවිශේෂී උපදේශන වැඩසටහනක් (Mentoring Initiative) පසුගියදා දියත් කරන ලදී. සාම්ප්‍රදායික රැකියා රාමුවෙන් ඔබ්බට ගොස් තරුණ වෘත්තිකයන් ව්‍යවසායකත්ව ලෝකය වෙත යොමු කිරීම සහ නායකත්ව කුසලතා වර්ධනය කිරීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණයි. Russel’s Wellness නිර්මාතෘවරයාගේ සෘජු මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන හරහා ව්‍යාපාර සංවර්ධනය, ආයතනික සබඳතා ගොඩනැගීම සහ ජාලකරණය පිළිබඳව ප්‍රායෝගික පුහුණුවක් ලබා දීමට නියමිතය.
මෙම ව්‍යාපෘතියේ ආරම්භයක් ලෙස, තෝරාගත් තරුණ වෘත්තිකයන් වෙත Russel’s Wellness තේ නිෂ්පාදන තොගයක් පිරිනමන ලද අතර, ඔවුන්ට එම නිෂ්පාදන ආයතනික ක්ෂේත්‍රය වෙත හඳුන්වා දීමේ අවස්ථාව හිමි වේ. මේ හරහා තරුණ ප්‍රජාවට සැබෑ ව්‍යාපාරික අත්දැකීම් ලබා ගැනීමට මෙන්ම ස්වාධීන චින්තනයක් ඇති ව්‍යවසායකයන් ලෙස ගොඩනැගීමට ඉඩකඩ සැලසේ. තරුණ පරපුරට අවස්ථාවන් ලබා දෙමින් ඔවුන් සවිබල ගැන්වීම සිය දිගුකාලීන දැක්ම බව ආයතනික නියෝජිතයෝ පවසති.
හුදෙක් සුවතා සන්නාමයක් ලෙස පමණක් නොව, අනාගත ව්‍යාපාරික නායකයන් බිහි කරන තෝතැන්නක් ලෙස ද Russel’s Wellness ආයතනය මෙලෙස සිය ස්ථාවරය ශක්තිමත් කර ගනී. මෙම වැඩපිළිවෙළ මගින් ආයතනික සංස්කෘතිය තුළ ව්‍යවසායකත්ව හැඟීමක් වර්ධනය කිරීම සහ සමාජයීය වශයෙන් යහපත් බලපෑමක් ඇති කිරීම ද අපේක්ෂා කෙරේ. දේශීය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් සහ තරුණ දායකත්වය අගය කරන මෙවැනි වැඩසටහන් රටේ ආර්ථික සංවර්ධනයට ද මහඟු පිටුවහලක් වනු ඇත.














