ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී මසුන් අල්ලමින් සිටි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රාමේෂ්වරම් ප්‍රදේශයේ පදිංචි ධීවරයන් පස්දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව, මොවුන් ධනුෂ්කොඩි සහ තලෙයිමන්නාරම අතර මුහුදු කලාපයේ මසුන් අල්ලමින් සිටියදී නාවික හමුදා නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කර ඇත.
මෙම මෙහෙයුමේදී ධීවරයන් පස්දෙනා සමඟ ඔවුන් ගමන් කළ යාන්ත්‍රික ධීවර යාත්‍රාව ද නාවික හමුදා භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පිරිස වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මන්නාරම නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.
පවතින උණුසුම් කාලගුණික තත්ත්වය සහ මැදපෙරදිග යුද වාතාවරණය හමුවේ මුහුදු සීමාවන්හි ආරක්ෂාව දැඩි කර ඇති මොහොතක මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇත. මේ අතර, අත්අඩංගුවට ගත් ධීවරයන් වහාම නිදහස් කර ගැනීමට පියවර ගන්නා ලෙසත්, මෙවැනි සිදුවීම් ඉදිරියේදී වළක්වා ගැනීමට කටයුතු කරන ලෙසත් තමිල්නාඩු ධීවර සංගම් ඉන්දීය මධ්‍යම සහ ප්‍රාන්ත රජයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.














