ගිනිකොනදිග ඉරානයේ කර්මන් (Kerman) ප්‍රදේශයේ ගුවන් තොටුපළක නවතා තිබූ ඉරාන හමුදා ගුවන් යානා තුනකට ඇමෙරිකාව ප්‍රහාර එල්ල කර විනාශ කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන ඇමෙරිකානු මධ්‍යම විධානය (CENTCOM) විසින් නිකුත් කර තිබේ. CNN පුවත් සේවය වාර්තා කරන පරිදි මෙම දර්ශනවල නිරවද්‍යතාව සහ ප්‍රහාරය එල්ල වූ ස්ථානය මේ වන විට තහවුරු කර ඇත.
නිකුත් වූ දර්ශනවලට අනුව, ඇමෙරිකානු ප්‍රහාරයෙන් විනාශ වී ඇත්තේ C-130 වර්ගයේ ප්‍රවාහන යානයක්, P-3 වර්ගයේ නිරීක්ෂණ යානයක් සහ රුසියාවේ නිෂ්පාදිත Il-76 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන යානයකි. එම ගුවන් යානා තුනම ගුවන් පථය මත ගිනි ගනිමින් පවතින අයුරු ද මෙම දර්ශනවල පැහැදිලිව සටහන්ව තිබේ. මේ සම්බන්ධයෙන් ‘X’ (ට්විටර්) පණිවිඩයක් නිකුත් කරමින් ඇමෙරිකානු මධ්‍යම විධානය සඳහන් කර ඇත්තේ ඉරාන පාලන තන්ත්‍රයේ ගුවන් බලය ක්‍රමානුකූලව අඩපණ කිරීමට තම හමුදාවන් කටයුතු කරමින් සිටින බවයි.
ප්‍රහාරයට ලක්වූ ඇමෙරිකානු නිෂ්පාදිත යානා බොහොමයක් 1979 ඉස්ලාමීය විප්ලවයට පෙර ඉරානය විසින් ලබාගත් ඒවා වේ. වසර ගණනාවක් පුරා පනවා ඇති ඇමෙරිකානු සම්බාධක හේතුවෙන් මෙම පැරණි යානා නඩත්තු කිරීමේදී ඉරානය දැඩි අසීරුතාවලට මුහුණ දී සිටි අතර, මෙම නව ප්‍රහාරයන් හමුවේ ඔවුන්ගේ ගුවන් ආරක්ෂක ශක්‍යතාවට තවදුරටත් දැඩි බලපෑම් එල්ල වී තිබේ.
















