ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) විශේෂ ආරාධනයකට අනුව පිලිපීනයේ නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඊයේ (11) රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් යළි දිවයිනට පැමිණියාය.
සිය සංචාරය අතරතුර අග්‍රාමාත්‍යවරිය පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ජාත්‍යන්තර වී පර්යේෂණ ආයතනයේ (IRRI) නිරීක්ෂණ චාරිකාවකට ද එක් වූ අතර, එහිදී මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දියුණුව සඳහා නව තාක්ෂණය සහ පර්යේෂණ දායක කර ගැනීම පිළිබඳව ද අවධානය යොමු කළාය. මීට අමතරව, කලාපීය සංවර්ධන කටයුතු සහ මූල්‍ය සහයෝගීතාව පිළිබඳව ආසියානු සංවර්ධන බැංකුවේ ඉහළ පෙළේ නිලධාරීන් සමඟ ද ඇය සාකච්ඡා පැවැත්වූවාය.
අග්‍රාමාත්‍යවරියගේ මෙම සංචාරය ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට මෙන්ම මෙරට ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් නව මංපෙත් විවර කර ගැනීමට ද මහඟු පිටුවහලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














