පවත්නා මැදපෙරදිග අර්බුදය හමුවේ ගෝලීය සාමය ප්‍රවර්ධනය කිරීම සඳහා “සාමය, ස්ථාවරත්වය, නීතිය සහ සමෘද්ධිය” (PSOP) නමින් නව වැඩපිළිවෙලක් හඳුන්වා දීමට තමන් සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මැදපෙරදිග ගැටුම්කාරී වාතාවරණය පිළිබඳව ‘ඉන්ඩියා ටුඩේ’ (India Today) නාලිකාව සමඟ පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව අනාවරණය කළේය.
මෙම PSOP වැඩපිළිවෙලෙහි ප්‍රධාන අරමුණ වන්නේ ලෝක සාමය තහවුරු කිරීම සහ පොදු සමෘද්ධිය උදෙසා කටයුතු කිරීම බව විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම ලෝකයේ වැදගත් භූගෝලීය කලාපයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කලාපීය සහයෝගීතාව අත්‍යවශ්‍ය බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.













