ජාත්‍යන්තර මුහුදු සීමාවේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ නිෂ්පාදන ක්‍රියාවලීන් මැඩපැවැත්වීම සඳහා පවතින නීතිමය රාමුව වඩාත් ශක්තිමත් කරමින්, නව පනත් කෙටුම්පත් දෙකකට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පසුගිය 06 වනදා සිය සහතිකය සටහන් කළේය. මෙලෙස බලාත්මක වූයේ ‘විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන)’ සහ ‘අධිකරණ සංවිධාන (සංශෝධන)’ යන පනත් කෙටුම්පත් දෙකයි.
පසුගිය පෙබරවාරි 19 වන දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද මෙම සංශෝධන මගින් ජාත්‍යන්තර මුහුදු සීමාවේදී සිදුකෙරෙන අන්තරායදායක ඖෂධ ජාවාරම් පාලනය කිරීමට අවශ්‍ය නව නීති සහ විධිවිධාන හඳුන්වා දී තිබේ. ඒ අනුව මින් ඉදිරියට මෙම නීති, 2026 අංක 7 දරන විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත සහ 2026 අංක 8 දරන අධිකරණ සංවිධාන (සංශෝධන) පනත ලෙස ශ්‍රී ලංකාවේ බලාත්මක වේ.
මෙම නව නීති පද්ධතිය හරහා මත්ද්‍රව්‍ය මර්දන ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීමට සහ ජාත්‍යන්තර මුහුදු කලාපය ඔස්සේ මෙරටට එන මත්ද්‍රව්‍ය ජාලයන් පාලනය කිරීමට රජය බලාපොරොත්තු වේ. විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් තත්ත්වයත් සමඟ මෙරට මුහුදු සීමාව හරහා සිදුවන නීති විරෝධී ක්‍රියා මැඩලීමට මෙම නව බලතල බෙහෙවින් වැදගත් වනු ඇත.














