සුප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු සහ බොක්සිං ක්‍රීඩකයෙකු වන ජේක් පෝල් (Jake Paul) නුදුරු අනාගතයේදී දේශපාලන ක්ෂේත්‍රයට පිවිසෙනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනාවැකියක් පළ කර තිබේ. කෙන්ටකි (Kentucky) ප්‍රාන්තයේ හෙබ්‍රොන් හි පැවැති දේශපාලන රැලියකට එක්වෙමින් ට්‍රම්ප් මෙම පුදුම සහගත ප්‍රකාශය සිදු කළ අතර, එම අවස්ථාවට ජේක් පෝල් ද සහභාගී වී සිටීම විශේෂත්වයකි.
පසුගිය දෙසැම්බර් මාසයේදී ඇන්තනි ජොෂුවා හමුවේ දරුණු බොක්සිං පරාජයකට මුහුණ දීමෙන් පසු ජේක් පෝල්ගේ මීළඟ වෘත්තීය පියවර පිළිබඳව බොහෝ දෙනා අවධානයෙන් සිටි අතර, ජනාධිපතිවරයා ඔහුට දේශපාලනයට පැමිණෙන ලෙස විවෘත ආරාධනයක් කළේය. “ඔබ නුදුරු අනාගතයේදීම දේශපාලන තනතුරක් සඳහා තරඟ කරනු ඇතැයි මම අනාවැකි පළ කරනවා. ඒ සඳහා මගේ පූර්ණ සහයෝගය සහ අනුමැතිය (Endorsement) ඔබට හිමිවනු ඇත” යනුවෙන් ට්‍රම්ප් එහිදී ප්‍රකාශ කළේය.
ට්‍රම්ප්ගේ ආරාධනයෙන් වේදිකාවට පැමිණි ජේක් පෝල් පවසා සිටියේ ට්‍රම්ප් මහතා තමාට “ධෛර්යය” පිළිබඳ වැදගත් පාඩමක් උගන්වා ඇති බවයි. “අපට වඩා කොතරම් විශාල අයෙකු වුවද සටනකින් කිසිවිටෙකත් පසුබට නොවිය යුතු බව මම ඔහුගෙන් ඉගෙන ගත්තා. මගේ පියා මට සටන් කිරීමට ඉගැන්වූ අතර අමෙරිකාවේ අප සැමගේ හඬ වැදගත් බව මම විශ්වාස කරනවා” යනුවෙන් පෝල් වැඩිදුරටත් පැවසීය.
මීට පෙර 2024 ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී ද ජේක් පෝල් ප්‍රසිද්ධියේ ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත සිය සහයෝගය පළ කළ අතර, ඔහුගේ ‘BS w/ Jake Paul’ පොඩ්කාස්ට් වැඩසටහන ද ඇමරිකාව තුළ ඉහළ ජනප්‍රියත්වයක් උසුලයි. ජේක් පෝල් වැනි සමාජ මාධ්‍ය තුළ දැවැන්ත බලපෑමක් ඇති තරුණයෙකු දේශපාලනයට පිවිසීම ඉදිරි අමෙරිකානු දේශපාලන ගමන්මග කෙරෙහි තීරණාත්මක බලපෑමක් එල්ල කරනු ඇතැයි දේශපාලන විචාරකයෝ මත පළ කරති.













