ඉරානය විසින් බහරේනය ඉලක්ක කරගනිමින් මහා පරිමාණ මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාර එල්ල කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව දියත් කර ඇති යුද මෙහෙයුමේ 13 වන දිනයේදී මෙම ප්‍රහාර එල්ල වී තිබේ.
අල් ජසීරා පුවත් සේවයට අනුව, මෙම ප්‍රහාර මාලාව ප්‍රධාන වශයෙන් බහරේනයේ ඉන්ධන ගබඩා පර්යන්ත ඉලක්ක කර ගනිමින් දියත් කර ඇත. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින පසුබිමක, ඉරානය විසින් ගල්ෆ් කලාපීය රටවල බලශක්ති සැපයුම් ජාලයන්ට මෙලෙස බාධා පමුණුවමින් සිටින බව විදේශ වාර්තාවල සඳහන් වේ.
මැදපෙරදිග කලාපයේ පවතින මෙම උග්‍ර යුදමය වාතාවරණය හේතුවෙන් ගෝලීය තෙල් සැපයුමට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, එය ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල ආර්ථිකයට ද සෘජු බලපෑමක් එල්ල කරමින් තිබේ. මේ වන විටත් ඉරානය විසින් කලාපයේ තෙල් නැව් සහ පර්යන්ත කිහිපයකටම ප්‍රහාර එල්ල කර ඇති බව තහවුරු වී ඇත.

















