ව්‍යාජ ලේඛන සකස් කර මෝටර් රථ ලියාපදිංචි කිරීමේ මහා පරිමාණ වංචාවකට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (RMV) හිටපු උසස් නිලධාරීන් සිව්දෙනෙකු මාර්තු මස 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (12) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂ වාසල ප්‍රියන්ත බණ්ඩාර ඊරියගම, හිටපු නියෝජ්‍ය කොමසාරිස් පාලක්‍රිෂ්ණන් සංජීවනි, විමර්ශන හා සංවර්ධන සහකාර නයනා කුමදුනි සහ හිටපු ලිපිකරු ධම්මික නිරෝෂන් යන අයයි. සැකකරුවන් අද පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් විය.
ව්‍යාජ තොරතුරු ඇතුළත් කර මෝටර් රථ ලියාපදිංචි කිරීම තුළින් රජයට අයවිය යුතු විශාල බදු මුදලක් අහිමි කිරීම සහ අයථා ලෙස මුදල් උපයා ගැනීම සම්බන්ධයෙන් මෙම නිලධාරීන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ සිදුවන මෙවැනි දූෂිත ක්‍රියාවන් මැඩපැවැත්වීම සඳහා අල්ලස් කොමිසම පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, මෙම සිද්ධියට සම්බන්ධ තවත් පිරිසක් සිටීද යන්න පිළිබඳව ද සොයා බලමින් සිටියි.
















