බලශක්ති ක්ෂේත්‍රය තුළ රජය අපේක්ෂා කරන නව පරිවර්තනයක අවශ්‍යතාවය තමන් පිළිගන්නා බවත්, එම අරමුණු සාර්ථක කර ගැනීම සඳහා රජය සමඟ වඩාත් සාධනීය ලෙස කටයුතු කිරීමට සූදානම් බවත් වෘත්තීය සමිති නියෝජිතයෝ ප්‍රකාශ කරති. මෙම වැඩපිළිවෙළ හරහා අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමටත්, නිර්මාණාත්මකව මැදිහත් වීමටත් තමන් සතු කැමැත්ත ඔවුහු මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළහ.
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා ද මෙම විශේෂ අවස්ථාවට සහභාගී වී සිටියහ. ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා රජය සහ වෘත්තීය සමිති අතර මෙවැනි අන්‍යෝන්‍ය අවබෝධයකින් යුත් එකඟතාවක් ඇති වීම, ඉදිරියේදී බලශක්ති ක්ෂේත්‍රයේ සිදුවන ප්‍රතිසංස්කරණ වඩාත් විධිමත් කිරීමට ඉවහල් වනු ඇති බවට බලධාරීහු විශ්වාසය පළ කරති.
















