ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, ශ්‍රී ලාංකික කාන්තාවන් අතර ආයෝජන සංස්කෘතියක් ඇති කිරීම සහ ඔවුන්ගේ මූල්‍ය අනාගතය සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් JB ෆයිනෑන්ෂල් (JB Financial) ආයතනය ‘HerWealth’ නමින් නව වැඩපිළිවෙළක් හඳුන්වා දී තිබේ. මෙරට ජනගහනයෙන් 51.7%ක් කාන්තාවන් වුවද, විධිමත් ශ්‍රම බලකාය තුළ ඔවුන්ගේ දායකත්වය 33%ක් වැනි අවම මට්ටමක පවතින පසුබිමක, කාන්තාවන් සතු මූල්‍ය සාක්ෂරතාවය ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි.
JB ෆයිනෑන්ෂල් හි ප්‍රධාන විධායක නිලධාරිනී ක්‍රිස්ටීන් ඩයස් බණ්ඩාරනායක මහත්මිය පෙන්වා දෙන්නේ කාන්තාවන් සැමවිටම අන් අය වෙනුවෙන් කැප වුවද, අසීරු අවස්ථාවකදී ඔවුන්ට විශ්වාසය තැබිය හැකි ස්ථාවර මූල්‍ය පදනමක් නොමැති වීම විශාල ගැටලුවක් බවයි. ‘HerWealth’ හරහා හුදෙක් මුදල් ඉතිරි කිරීමට එහා ගිය බුද්ධිමත් ආයෝජන තීරණ ගැනීමට කාන්තාවන්ට අවශ්‍ය දැනුම සහ මෙවලම් ලබා දීමට කටයුතු කරයි.
වයස අවුරුදු 18ට වැඩි ඕනෑම කාන්තාවකට මෙම වැඩපිළිවෙළ සමඟ එක්විය හැකි අතර, මුදල් වෙළඳපොළ අරමුදල්වලින් (Money Market Funds) සිය ආයෝජන ගමන ආරම්භ කිරීමට ඔවුන්ට අවස්ථාව සැලසේ. පසුව ඔවුන්ගේ විශ්වාසය සහ දැනුම වර්ධනය වීමත් සමඟ කොටස් වෙළඳපොළ අරමුදල් (Equity Funds) වැනි දීර්ඝකාලීන ලාභාංශ ලබා දෙන ආයෝජන වෙත යොමු විය හැකිය. විශේෂයෙන්ම තරුණ වියේදීම ආයෝජන ආරම්භ කිරීමෙන් ලැබෙන ‘සංයුක්ත පොලී’ (Compounding) වාසිය පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරේ.
ආයෝජකයන්ට සහය වීම සඳහා විශේෂ පුහුණුවක් ලත් කාන්තා සබඳතා කළමනාකාරවරියන් පත් කර ඇති අතර, ඔවුන් හරහා උපදේශන සේවා, අධ්‍යාපනික වැඩමුළු සහ වෙළඳපොළ ප්‍රවණතා පිළිබඳ නිරන්තර දැනුවත් කිරීම් සිදු කෙරේ. ජාතික හැඳුනුම්පත සහ ලිපිනය තහවුරු කිරීමේ ලේඛන ඉදිරිපත් කිරීමෙන් ඉතා සරලව ‘HerWealth’ ගිණුමක් විවෘත කළ හැකිය. කාන්තාවන් මූල්‍යමය වශයෙන් ස්ථාවර වීම පවුලක මෙන්ම සමස්ත සමාජයේම දියුණුවට හේතු වන බව JB ෆයිනෑන්ෂල් ආයතනයේ විශ්වාසයයි.
















