සිය පියාගේ අභාවයෙන් පසු ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත් වූ මොජ්ටබා ඛමේනි (Mojtaba Khamenei) අද (12) සිය ප්‍රථම නිල ප්‍රකාශය නිකුත් කරමින් අවධාරණය කළේ හෝමුස් සමුද්‍ර සන්ධිය දිගටම වසා තැබිය යුතු බවයි. බටහිර රටවලට බලපෑම් කිරීමේ ප්‍රබල මෙවලමක් ලෙස මෙම උපායමාර්ගික මුහුදු මාර්ගය අවහිර කර තැබීම අත්‍යවශ්‍ය බව ඔහු පෙන්වා දෙයි.
ඉරාන රාජ්‍ය රූපවාහිනිය මගින් ප්‍රකාශයට පත් කරන ලද මෙම පණිවිඩය මගින් මොජ්ටබා ඛමේනි ඇමෙරිකාවට ද දැඩි අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ. කලාපය පුරා පිහිටි සියලුම ඇමෙරිකානු හමුදා කඳවුරු වසා දැමිය යුතු බවත්, එසේ නොමැති නම් එම සෑම කඳවුරක්ම ඉරාන ප්‍රහාරයන්ට ලක් වනු ඇති බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය.
පසුගියදා ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගිය අලි ඛමේනිගේ පුත්‍රයා වන මොජ්ටබා, සිය පියාගේ දැඩි මතධාරී පිළිවෙත තවදුරටත් ඉදිරියට ගෙන යන බව මෙම ප්‍රකාශය හරහා තහවුරු කර ඇත. ලෝක තෙල් සැපයුමෙන් 20%ක් පමණ ගමන් කරන හෝමුස් සමුද්‍ර සන්ධිය මෙලෙස දිගටම වසා තැබීමට තීරණය කිරීමත් සමඟ ගෝලීය බලශක්ති අර්බුදය තවදුරටත් දරුණු වනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ බිය පළ කරති.














