ඉන්දියාවේ නිෂ්පාදිත ඛනිජ තෙල් නිෂ්පාදන ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් කිහිපයක් ඉල්ලීම් කර ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන රටවල් මෙලෙස ඉන්දියාවෙන් ඉන්ධන ඉල්ලා ඇති බවයි.
හෝමුස් සමුද්‍ර සන්ධිය වැසී යාම සහ මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ගෝලීය ඉන්ධන සැපයුමට දැඩි බාධා එල්ල වී ඇති පසුබිමක, දකුණු ආසියාතික රටවල් සිය බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඉන්දියාව දෙසට වැඩි අවධානයක් යොමු කරමින් සිටී. ඉන්දියාව ලොව ප්‍රධාන පෙළේ ඛනිජ තෙල් පිරිපහදු කිරීමේ මධ්‍යස්ථානයක් වන බැවින්, මෙම අසල්වැසි රටවල ඉල්ලීම් සම්බන්ධයෙන් ඉන්දීය රජයේ සුභවාදී අවධානය යොමු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පවතින බලශක්ති අර්බුදයට විසඳුමක් ලෙස ඉන්දියාවෙන් ඉන්ධන ලබාගැනීම සඳහා වන තාක්ෂණික සහ මූල්‍යමය එකඟතාවන් පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිත බව ද විදේශ වාර්තා පෙන්වා දෙයි.














