ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත්වූ මොජ්තාබා කමේනි (Mojtaba Khamenei) සිය ප්‍රථම නිල ප්‍රකාශය නිකුත් කරමින් ඇමෙරිකානු හමුදා කඳවුරුවලට දැඩි අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ. කලාපය තුළ පිහිටි සියලුම ඇමෙරිකානු හමුදා කඳවුරු වහාම වසා දැමීමට පියවර ගත යුතු බවත්, එසේ නොකරන්නේ නම් ඒවා අඛණ්ඩව ප්‍රහාරයන්ට ලක්වන බවත් ඔහු අවධාරණය කර ඇත.
නව නායකයා පෙන්වා දෙන්නේ ඉරානයේ ප්‍රහාරවල එකම ඉලක්කය ඇමෙරිකානු හමුදා කඳවුරු පමණක් වන අතර, එම ක්‍රියාමාර්ගය කිසිදු වෙනසකින් තොරව ඉදිරියටත් ක්‍රියාත්මක කරන බවයි. කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විදේශීය හමුදා කඳවුරු ඉවත් විය යුතු බව ඔහුගේ ස්ථාවරය වී තිබේ.
කෙසේ වෙතත්, ඉරානය සිය අසල්වැසි රටවල් සමඟ මිත්‍රශීලී සබඳතා පවත්වා ගැනීමට කැමැත්තෙන් පසුවන බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කළේය. පර්සියානු බොක්කේ තෙල් නැව්වලට ප්‍රහාර එල්ල වන සහ ඉරාන ජනාධිපතිවරයා යුද්ධය අවසන් කිරීමට කොන්දේසි ඉදිරිපත් කර ඇති මෙවැනි පසුබිමක, නව උත්තරීතර නායකයාගේ මෙම ප්‍රකාශය කලාපීය දේශපාලනයේ දැඩි අවධානයට ලක්ව ඇත.














