ඉරාකයේ බටහිර ප්‍රදේශයේදී ඇමෙරිකානු හමුදාවට අයත් KC-135 වර්ගයේ ඉන්ධන පිරවුම් ගුවන් යානයක් කඩා වැටීමේ වගකීම, ඉරානයේ සහාය ලබන ‘ඉරාක ඉස්ලාමීය ප්‍රතිරෝධී ව්‍යාපාරය’ (Islamic Resistance in Iraq) විසින් භාරගෙන තිබේ. තම නිල ටෙලිග්‍රෑම් නාලිකාව හරහා නිවේදනයක් නිකුත් කරමින් එම කණ්ඩායම පවසා ඇත්තේ තම ගුවන් ආරක්ෂක පද්ධති මඟින් එල්ල කළ ප්‍රහාරයකින් යානය බිම හෙළුූ බවයි.
කෙසේ වෙතත්, ඇමෙරිකානු මධ්‍යම විධානය (CENTCOM) මෙම ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරයි. ඔවුන් පවසන්නේ මෙම අනතුර “සතුරු ප්‍රහාරයක්” හෝ “මිත්‍ර පාර්ශ්වයකින් එල්ල වූ ප්‍රහාරයක්” (Friendly Fire) නිසා සිදු වූවක් නොවන බවයි. ඇමෙරිකානු වාර්තාවලට අනුව, මෙම සිදුවීම යානා දෙකක් සම්බන්ධ වූ අනතුරක් (collision or mishap) වන අතර, ඉන් එක් යානයක් බටහිර ඉරාකයට කඩා වැටී ඇති අතර අනෙක් යානය ආරක්ෂිතව ඊශ්‍රායලයට ගොඩබස්වා ඇත.
මෙම අනතුර සිදුව ඇත්තේ “Operation Epic Fury” මෙහෙයුමට අදාළව ආරක්ෂිත ගුවන් කලාපයක් (Friendly Airspace) තුළ බවත්, යානයේ සිටි පස් දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලය සොයා මේ වන විට ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.















