ඉරානයට එරෙහිව ඇමෙරිකාව සහ ඉශ්‍රායලය ඒකාබද්ධව ආරම්භ කර ඇති ‘එපික් ෆියුරි’ (Operation Epic Fury) මෙහෙයුමේ 13 වන දිනය වන විට ඉරානය පුරා පිහිටි ඉලක්ක 6,000කට අධික ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කර ඇති බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා (CENTCOM) තහවුරු කර තිබේ. මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වන්නේ ඉරානයේ බැලස්ටික් මිසයිල පද්ධතිය, නාවික ශක්තිය සහ න්‍යෂ්ටික වැඩසටහන සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කිරීමයි. මේ දක්වා සිදු කළ ප්‍රහාරවලින් ලැබී ඇති ප්‍රධාන ප්‍රතිඵල කිහිපයක් පහත දැක්වේ.
නාවික බලකායට එල්ල වූ බලපෑම යටතේ ඉරාන නෞකා 60කට අධික ප්‍රමාණයක් සහ බෝම්බ ඇටවීමට යොදා ගන්නා (Minelayers) යාත්‍රා 30ක් ඇතුළුව සමස්ත යාත්‍රා 90ක් පමණ හානියට පත් කර හෝ විනාශ කර ඇත. ඉරානයේ ප්‍රධානතම යුද නෞකා පන්තියක් වන ‘සුලෙයිමානි’ (Soleimani-class) වර්ගයේ සියලුම යාත්‍රා විනාශ කර ඇති බව CENTCOM අණදෙන නිලධාරියා පවසයි. මීට අමතරව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) මූලස්ථාන, අවි නිෂ්පාදන මධ්‍යස්ථාන, බැලස්ටික් මිසයිල ගබඩා, සබ්මරීන් සහ ගුවන් ආරක්ෂණ පද්ධති වෙත ද දරුණු ප්‍රහාර එල්ල වී තිබේ. මෙම මෙහෙයුම සඳහා ඇමෙරිකාව සිය B-2 ස්ටෙල්ත් බෝම්බ හෙලන යානා, F-35 ප්‍රහාරක යානා සහ ටොමහෝක් මිසයිල (Tomahawk) මෙන්ම නවීනතම ‘Precision Strike’ මිසයිල ද යොදාගෙන ඇත.
මෙම යුදමය තත්ත්වය හමුවේ ඉරානය විසින් ද ඉශ්‍රායලය සහ කලාපයේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිටියි. හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමන බවට ඉරානය තර්ජනය කර ඇති අතර මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ඇමෙරිකානු බලධාරීන් අවධාරණය කරයි.















