දෙහිවල පොලිස් වසමේදී සිදු කළ විශේෂ වැටලීමකදී හෑෂ් (Hashish) මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සමත්ව තිබේ. අද (මාර්තු 13) දින සිදු කළ මෙම වැටලීමේදී සැකකරු සතුව තිබී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 158ක ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 35ක් වන දෙහිවල ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. මෑත කාලීනව දෙහිවල සහ ගල්කිස්ස ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලයන් මර්දනය කිරීමේ මෙහෙයුම්වල තවත් එක් පියවරක් ලෙස මෙම වැටලීම හඳුන්වා දිය හැකිය.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය සහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය එක්ව වැඩිදුර විමර්ශන පවත්වන අතර, සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.















