දික්වැල්ල පොලිස් වසමේ සුදුවැල්ල ප්‍රදේශයේදී පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් සිදු වූ පහරදීමකින් 55 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (මාර්තු 12) රාත්‍රී කාලයේදී පිරිසක් විසින් පොලුවලින් කළ මෙම පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා බතීගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා රත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ලෙස හඳුනාගෙන ඇත. මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ දෙපාර්ශ්වයක් අතර කලක සිට පැවැති ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා දික්වැල්ල පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. සැකකරුවන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














