නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට ආසන්න ප්‍රමාණයක් විනාශ කිරීම සඳහා අද (මාර්තු 13) පෙරවරුවේ කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ සිට වනාතවිල්ලුව පිහිටි දාහකාගාරය වෙත රැගෙන යන ලදී. කොළඹ සහ බලපිටිය අධිකරණ මගින් ලබා දුන් නියෝගවලට අනුව මෙම පියවර ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසිරි මහතා තහවුරු කළේය.
මෙසේ විනාශ කිරීමට නියමිත මත්ද්‍රව්‍ය තොගයට හෙරොයින් කිලෝග්‍රෑම් 40ක්, කැතින් (Cathinone) කිලෝග්‍රෑම් 132ක්, කොකේන් ග්‍රෑම් 55ක් සහ මත්පෙති 3482ක් ඇතුළත් වේ. අධිකරණ බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ඉතා ආරක්ෂිතව මෙම මත්ද්‍රව්‍ය තොගය වනාතවිල්ලුව දක්වා ප්‍රවාහනය කිරීමට කටයුතු යොදා තිබුණි.
මෙම මත්ද්‍රව්‍ය තොගය අධි උෂ්ණත්ව දාහකාගාරයක් තුළදී පරිසර හිතකාමී ලෙස විනාශ කිරීමට නියමිතය. මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ක්‍රියාත්මක නීතිමය ක්‍රියාවලියේ එක් වැදගත් පියවරක් ලෙස නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය මෙලෙස ප්‍රසිද්ධියේ විනාශ කිරීම වරින් වර සිදු කරනු ලබයි.














