ඇමෙරිකා-ඉරාන ගැටුම හමුවේ ඉරානය විසින් භාවිත කරනු ලබන ලාභදායී මෙන්ම නිරවද්‍ය ප්‍රහාරක ශක්තියකින් යුත් ‘ෂහීඩ්-136’ (Shahed-136) ඩ්‍රෝන යානා ලෝක යුධ උපායමාර්ගයන්හි විශාල පෙරළියක් සිදු කරමින් පවතී. මෙම ‘මරාගෙන මැරෙන’ ඩ්‍රෝන යානා භාවිත කරමින් ඇමෙරිකානු අනුග්‍රහය ලබන යටිතල පහසුකම් සහ ලෝක තෙල් සැපයුම් ජාලයන් අකර්මන්‍ය කිරීම ඉරානයේ ප්‍රධානතම උපක්‍රමය වී තිබේ.
මෙම මස මුලදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ බහරේනයේ පිහිටි ඇමසන් (Amazon) දත්ත මධ්‍යස්ථාන තුනකට මෙම ප්‍රහාරයන්ගෙන් හානි සිදුවූ අතර, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා දිවෙන අන්තර්ජාල සබ්මැරීන කේබල් 17ක් ද විනාශ කර ඇත. මැදපෙරදිග තෙල් යටිතල පහසුකම් ඉලක්ක කරගත් මෙම ප්‍රහාර හේතුවෙන් ඉන්දියාව ඇතුළු රටවල් රැසක් සිය බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමට දැඩි අසීරුතාවකට පත්ව සිටියි.
එක් ඩ්‍රෝන යානයක් සාර්ථකව විනාශ කළ ද, ඒ සඳහා වැය වන අතිවිශාල පිරිවැය ඇමෙරිකාව සහ එහි මිත්‍ර පාර්ශ්වයන්ට මූල්‍යමය වශයෙන් දැඩි පීඩනයක් එල්ල කරයි. මෙය “මැස්සෙකු මැරීමට බසූකාවක් (Bazooka) පාවිච්චි කිරීම” වැනි ක්‍රියාවක් බව යුධ විශ්ලේෂකයන් පෙන්වා දෙයි. මෙම ලාභදායී ඩ්‍රෝන තාක්ෂණය හේතුවෙන් ඉරානයට ඉතා අඩු පිරිවැයකින් මහා පරිමාණ විනාශයක් සිදු කිරීමට හැකියාව ලැබී ඇත.














