ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ ඉරානයට එරෙහි යුද්ධය “ඉතා වේගයෙන්” අපේක්ෂිත අරමුණු කරා ගමන් කරමින් පවතින බවයි. ධවල මන්දිරයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් ඔහු සඳහන් කළේ ඇමෙරිකානු හමුදා මෙහෙයුම් ඉතා සාර්ථකව සිදු වන බවත්, ලොව අසමසම හමුදා බලය ඇමෙරිකාව සතු බවත්ය.
ඉරානය “භීෂණය සහ වෛරය වපුරන ජාතියක්” ලෙස හැඳින්වූ ජනාධිපතිවරයා, ඔවුන් මේ වන විට ඒ වෙනුවෙන් විශාල වන්දියක් ගෙවමින් සිටින බව ද අවධාරණය කළේය. ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය නිකුත් වූයේ ඉරානයේ නව නායකයා සිය ප්‍රථම ප්‍රසිද්ධ ප්‍රකාශය හරහා ඇමෙරිකාවට එරෙහිව දැඩි ලෙස අභියෝග කර ඇති පසුබිමකය.
පවතින යුදමය තත්ත්වය හමුවේ ඉරානයේ යටිතල පහසුකම් සහ ආරක්ෂක අංශ ඉලක්ක කර ගනිමින් ඇමෙරිකාව දැඩි ප්‍රහාර එල්ල කරමින් සිටින අතර, මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්තාව මෙවැනි ප්‍රකාශ හේතුවෙන් තවදුරටත් උග්‍ර වනු ඇතැයි විදේශ දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














