මැදපෙරදිග කලාපයේ පවතින “පිරිහෙමින් පවතින ආරක්ෂක තත්ත්වය” සැලකිල්ලට ගනිමින් ලෙබනනයේ සිටින ඕස්ට්‍රේලියානු රජයේ සියලුම අත්‍යවශ්‍ය නොවන නිලධාරීන්ට වහාම එම රටින් පිටවන ලෙස ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය පෙනී වොන්ග් (Penny Wong) අද (සිකුරාදා) නියෝග කළාය. මීට පැය කිහිපයකට පෙර ඉශ්‍රායලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සඳහා ද ඕස්ට්‍රේලියාව විසින් මෙවැනිම නියෝගයක් නිකුත් කර තිබුණි.
“ප්‍රමාද වීමට පෙර පිටව යන්න” යනුවෙන් සිය X ගිණුම හරහා දැඩි අනතුරු ඇඟවීමක් කරමින් ඇය සඳහන් කළේ, තවදුරටත් එහි රැඳී සිටින ඕස්ට්‍රේලියානු ජාතිකයින්ට සහාය වීම සඳහා අත්‍යවශ්‍ය නිලධාරීන් පමණක් එරට රැඳී සිටිනු ඇති බවයි. මැදපෙරදිග කලාපය පුරා ඕස්ට්‍රේලියානු ජාතිකයන් 115,000ක් පමණ විසිරී සිටින අතර ඉන් 2,600ක් පමණ මේ වන විටත් නැවත සිය රට බලා පැමිණ ඇත. ඇතැම් විට මෙය රටින් පිටවීමට ලැබෙන අවසන් අවස්ථාව විය හැකි බවට ද විදේශ අමාත්‍යවරිය අනතුරු ඇඟවූවාය.
පෙබරවාරි 28 වනදා ඇමෙරිකාව සහ ඉශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ඇරඹි මෙම යුදමය වාතාවරණය හේතුවෙන් මේ වන විට කලාපය පුරා දරුණු නොසන්සුන්තාවක් හටගෙන තිබේ. ඉරානය විසින් ඉශ්‍රායලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ කටාර් යන රටවල් ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කරමින් සිටින අතර, ලෙබනනය තුළ ද සිය ගණනක් පිරිස මියගොස් ඇති බව වාර්තා වේ. මෙම තත්ත්වය හමුවේ සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සඳහා කලාපයට දිගු දුර යුධ ගුවන් යානයක් (Reconnaissance plane) යෙදවීමට ද ඕස්ට්‍රේලියාව පියවර ගෙන ඇත.













