මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ඇමෙරිකානු වෙළඳපොළේ ඉන්ධන සැපයුම බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා ‘ජෝන්ස් පනත’ (Jones Act) දින 30ක කාලසීමාවකට තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ. ඇමෙරිකානු වෙරළබඩ නගර අතර භාණ්ඩ ප්‍රවාහනයේදී ඇමෙරිකානු ධජය සහිත නෞකා පමණක් භාවිත කළ යුතු බවට පනවා ඇති දැඩි නීතිය මින් ලිහිල් වේ.
මෙම තීරණයත් සමඟ විදේශීය ඉන්ධන නෞකාවලට මෙක්සිකෝ බොක්කේ සිට නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි පිරිපහදු මධ්‍යස්ථාන වෙත ඉන්ධන ප්‍රවාහනය කිරීමට අවස්ථාව හිමි වේ. විශේෂයෙන්ම ගල්ෆ් කලාපයේ ගෑස් සහ තෙල් සැපයුම අඩාල වී ඇති පසුබිමක, නැගෙනහිර වෙරළ තීරයට අවශ්‍ය ඉන්ධන තොග කඩිනමින් සහ අඩු පිරිවැයකින් ලබා ගැනීමට මෙමගින් හැකි වනු ඇතැයි බලධාරීන් අපේක්ෂා කරයි.














