ඉරාන බැංකු පද්ධතිය ඉලක්ක කර අමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරයන්ට ප්‍රතිචාර වශයෙන්, අරාබි ගල්ෆ් කලාපයේ පිහිටි සියලුම අමෙරිකානු බැංකු ශාඛා වෙත ප්‍රහාර එල්ල කරන බව ඉරාන ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකාය (IRGC) නිවේදනය කරයි. පසුගියදා ඉරානයේ විශාලතම බැංකුවක් වන බැංකු සෙපා (Bank Sepah) වෙත එල්ල වූ ප්‍රහාරවලින් සේවකයින් කිහිප දෙනෙකු මියගොස් බැංකු සේවා අඩාල වීමට පිළිතුරු ලෙස, අසල්වැසි රටවල පිහිටි අමෙරිකානු බැංකු වෙත දැනටමත් ප්‍රහාර එල්ල කර ඇති බවත්, එම ප්‍රහාර ඉදිරියේදී තවදුරටත් ව්‍යාප්ත කරන බවත් ඔවුන් පවසයි.
ඉරාන බලධාරීන් පෙන්වා දෙන්නේ සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කරන ඕනෑම ප්‍රහාරයකට සමාන මට්ටමේ ප්‍රතිප්‍රහාර (Responding in kind) එල්ල කරන බවයි. මීට අමතරව, කලාපයේ පිහිටි අමෙරිකාවට සම්බන්ධ කර්මාන්තශාලා සහ කාර්මික මධ්‍යස්ථානවලින් ද වහාම ඉවත් වන ලෙස ඉරානය අනතුරු අඟවා ඇත. පසුගිය පෙබරවාරි 28 වැනිදා සිට ආරම්භ වූ මෙම ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් මේ වන විට මැදපෙරදිග පුරා පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු සහ ව්‍යාපාරික ස්ථාන දැඩි අවදානමකට ලක්ව තිබේ.














