ඇමරිකාව සහ ඉරානය අතර පවතින උණුසුම්කාරී වාතාවරණය මධ්‍යයේ, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටින්නේ තමන් කිසිදු විටෙක සටන් විරාමයක් හෝ සාකච්ඡා මාර්ගයෙන් ගැටුම් විසඳා ගැනීමට ඉල්ලීමක් කර නොමැති බවයි. CBS ප්‍රවෘත්ති සේවය සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු අවධාරණය කළේ ඕනෑම කාලයක් යනතුරු සිය රට ආරක්ෂා කර ගැනීමට ඉරානය සූදානම් බවයි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළ අමාත්‍යවරයා, මෙම යුද්ධය ජනාධිපතිවරයාගේ පෞද්ගලික අභිමතය පරිදි මෙහෙයවන්නක් බවට චෝදනා කළේය. “ජනාධිපති ට්‍රම්ප්ට විනෝද වීමට අවශ්‍ය නිසා පමණක් අහිංසක මිනිසුන් මිය යමින් තිබෙනවා,” යැයි පැවසූ අරග්චි මහතා, නෞකා ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම ඇතුළු ක්‍රියාමාර්ග ඇමරිකාවේ පෞද්ගලික තේරීමක් මත සිදු වන්නක් බව ද සඳහන් කළේය.
ඉරාන රජය ඉතා ස්ථාවර සහ ශක්තිමත් මට්ටමක පවතින බැවින්, සාකච්ඡාවකින් තොරව වුවද සිය ජනතාව ආරක්ෂා කර ගැනීමට තමන්ට හැකියාව ඇති බවත්, මෙය ඉරානයේ පැවැත්ම උදෙසා කරන යුද්ධයක් නොවන බවත් විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.















