මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ සීඝ්‍රයෙන් ඉහළ යන ගෝලීය තෙල් මිල පාලනය කිරීම සඳහා ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) සිය හදිසි සංචිතවලින් තෙල් බැරල් මිලියන 400ක් ලෝක වෙළඳපොළට මුදාහැරීමට තීරණය කර තිබේ. මෙය 2022 වසරේදී රුසියානු-යුක්‍රේන යුද්ධය සමයේ මුදාහළ ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වඩා වැඩි ඓතිහාසික ප්‍රමාණයකි.
එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ඇතුළු ලොව බලවත් රටවල් 32ක එකඟතාවයෙන් ගත් මෙම තීරණයත් සමඟ ඉතා ඉක්මනින් මෙම තොග වෙළඳපොළට ලැබීමට නියමිතය. මැදපෙරදිග ගැටුම් ආරම්භ වී සති දෙකක් ඇතුළත ලෝක වෙළඳපොළේ තෙල් මිල 25%කින් පමණ ඉහළ ගොස් ඇති පසුබිමක, මෙම පියවර හරහා බලශක්ති අර්බුදයට සහ ඉහළ යන පිරිවැයට යම් සහනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.














