ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ (DXB) පරිශ්‍රයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් එහි සියලුම ගුවන් ගමන් මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන තිබේ. මෙම ප්‍රහාරයත් සමඟ ගුවන්තොටුපොළ ආසන්නයේ ගින්නක් හටගෙන ඇති අතර, මගීන්ගේ සහ ගුවන් යානාවල ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හමුවේ, ලොව කාර්යබහුලම ගුවන් ගමන් මධ්‍යස්ථානයක් වන ඩුබායි ගුවන්තොටුපොළ මෙලෙස ඉලක්ක වීම ගෝලීය ගුවන් ගමන් ජාලයට මෙන්ම සංචාරක ක්ෂේත්‍රයට ද දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. දැනට ඩුබායි බලා පියාසර කරමින් තිබූ ගුවන් යානා අසල පිහිටි අනෙකුත් ගුවන්තොටුපොළවල් වෙත යොමු කිරීමට ද කටයුතු කර ඇත.














