2026 වසරේ පැවැති 98 වන ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම සහාය නිළියට හිමි සම්මානය දිනා ගැනීමට ප්‍රවීණ රංගන ශිල්පිනී ඒමි මැඩිගන් (Amy Madigan) සමත් වූවාය. ඒ “වෙපන්ස්” (Weapons) චිත්‍රපටයේ ඇය ඉදිරිපත් කළ විශිෂ්ට රංගනය වෙනුවෙනි. මේ අතර, හොඳම සහාය නළුවාට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ ප්‍රකට රංගන ශිල්පී ශෝන් පෙන් (Sean Penn) විසිනි. ඒ ‘One Battle After Another’ චිත්‍රපටය වෙනුවෙන් ඔහු දැක්වූ සුවිශේෂී දායකත්වය අගයමිනි. මෙම ජයග්‍රහණ දෙකම මෙවර සම්මාන උළෙලේ ප්‍රේක්ෂක අවධානය දිනාගත් සුවිශේෂී අවස්ථාවන් ලෙස සටහන් විය.














