හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කර නාවික ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා බ්‍රිතාන්‍යය ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බව අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් මහතා ප්‍රකාශ කළේය. බීබීසී (BBC) පුවත් සේවය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පෙන්වා දුන්නේ, මැදපෙරදිග ගැටුම් සමනය කිරීම සහ ජීවන වියදම පාලනය කිරීම එකිනෙකට තදින්ම බැඳී පවතින කරුණු දෙකක් බවයි.
ගල්ෆ් කලාපයේ පවතින තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, බ්‍රිතාන්‍යයට අයත් ස්වයංක්‍රීය බෝම්බ සෙවීමේ පද්ධති (Autonomous mine hunting systems) දැනටමත් එම කලාපයේ ස්ථාපිත කර ඇති බවයි. සමුද්‍ර සන්ධිය විවෘතව තබා ගැනීම සඳහා සිය මිත්‍ර පාර්ශවයන් සමඟ එක්ව ගත හැකි උපරිම ක්‍රියාමාර්ග සහ තාක්ෂණික විශේෂඥතාවන් භාවිතා කිරීම පිළිබඳව රජය මේ වන විටත් සාකච්ඡා කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය.
ජනතාවගේ බලශක්ති බිල්පත් සඳහා සහන ලබා දීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අගමැතිවරයා, ඉදිරි මාස කිහිපය තුළ ලෝක දේශපාලනික තත්ත්වය කිනම් මාවතකට යොමු වේදැයි නිශ්චිතව කිව නොහැකි බව පිළිගත්තේය. කෙසේ වෙතත්, පවතින යුදමය වාතාවරණය සමනය කිරීම (De-escalate) ජීවන වියදම පාලනය කළ හැකි වඩාත් ඵලදායී ක්‍රමය බවත්, වැඩකරන ජනතාව වෙනුවෙන් රජය කළ හැකි උපරිම සහනයන් ලබා දීමට පසුබට නොවන බවත් ඔහු අවධාරණය කළේය.














