පවතින වැසි තත්ත්වය හේතුවෙන් ප්රධාන ජලාශ 14ක් සහ මධ්යම පරිමාණයේ ජලාශ 9ක් තවදුරටත් වාන් මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව දැදුරුඔය, රාජාංගනය, අලිකොටආර, අඹකොලවැව, අතරගල්ල සහ අඹේවෙල යන ජලාශවල වාන් දොරටු විවෘත කර තිබේ.
දැදුරුඔය ජලාශයේ අඩි දෙක බැගින් වාන් දොරටු දෙකක් සහ අඩිය බැගින් වාන් දොරටු හතරක් විවෘත කර ඇති බව සඳහන් වේ. රාජාංගනය ජලාශයේ අඩි තුන බැගින් වාන් දොරටු දෙකක් විවෘත කර තිබේ.
එමෙන්ම තුරුවිල වැව, අංගමුව සහ වෙනුරොව වැව යන මධ්යම පරිමාණයේ ජලාශවලද වාන් දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.















