අද (17) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතින නමුත්, පස්වරු 2.00න් පමණ පසුව පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව යන පළාත්වල මෙලෙස වැසි ඇති වීමේ වැඩි සම්භාවිතාවක් පවතී.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ. මුහුදු ප්‍රදේශ සැලකීමේදී, කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි ඇති විය හැක. මුහුදේ සුළං වේගය පැයට කිලෝමීටර් 20ත් 30ත් අතර වන අතර, ගිගුරුම් සහිත වැසි ඇති වන විට මුහුද තාවකාලිකව රළු විය හැකි බව ද කාලගුණ වාර්තාවේ සඳහන් වේ.














