බණ්ඩාරගම ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් නීති විරෝධී ලෙස ඉන්ධන තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ. ප්ලාස්ටික් බූලි හතරක බහා තිබූ පෙට්‍රල් ලීටර් 80 ක පමණ ප්‍රමාණයක් මෙලෙස පොලිස් භාරයට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් 25,000 ක් පමණ වන බව වාර්තා වේ.
බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු විශේෂ තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර වර්තමානයේ පවතින ඉන්ධන හිඟය ප්‍රයෝජනයට ගනිමින් මෙම ඉන්ධන තොගය අතූළුගම ප්‍රදේශයට රැගෙන ගොස් වැඩි මිලට අලෙවි කිරීමට සැකකරු සැලසුම් කර තිබූ බව මූලික විමර්ශනවලදී හෙළි වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ඉන්ධන කළු කඩ ව්‍යාපාර වැළැක්වීම සඳහා බණ්ඩාරගම පොලිසිය වැඩිදුර විමර්ශන අඛණ්ඩව සිදුකරයි.














