දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (18) පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි
මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මි. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි අතර නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් අපේක්ෂා කෙරේ
මධ්‍යම, සබරගමුව, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, අනුරාධපුර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි
පවතින වැසි සහිත තත්ත්වය හේතුවෙන් මාර්ග ලිස්සන සුළු විය හැකි බැවින් රියදුරන් වඩාත් විමසිලිමත් විය යුතු බව ද වැඩිදුරටත් උපදෙස් දෙනු ලැබේ














