පවතින බලශක්ති අර්බුදය හමුවේ සංචාරක කර්මාන්තය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා එම ක්ෂේත්‍රයේ නිරතවන්නන්ට ඉන්ධන ලබාගැනීමට විශේෂ QR ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) විසින් මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලබයි.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නිල වශයෙන් ලියාපදිංචි වී ඇති සංචාරක වාහන හිමියන්ට සහ ආයතනවලට පමණක් මෙම විශේෂ ඉන්ධන කෝටාව සඳහා අයදුම් කළ හැකිය
අදාළ පාර්ශ්වයන්ට සංචාරක සංවර්ධන අධිකාරියේ නිල වෙබ් අඩවියට පිවිස තම ලියාපදිංචි තොරතුරු ඉදිරිපත් කර මෙම විශේෂ QR කේතය සහ අදාළ ඉන්ධන ප්‍රමාණය වෙන් කරවා ගැනීමට අවස්ථාව සලසා දී ඇත
මෙම නව ක්‍රමවේදය සම්බන්ධයෙන් හෝ අයදුම් කිරීමේදී පැන නගින යම් ගැටලුවක් පවතී නම්, 1912 යන ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් අවශ්‍ය සහය ලබාගත හැකි බව අධිකාරිය පවසයි
සංචාරකයින් ප්‍රවාහනය කරන වාහන සඳහා සාමාන්‍ය QR කෝටාවට වඩා වැඩි ප්‍රමාණයක් ලබාදීම හරහා උත්සව සමයේ සංචාරක කර්මාන්තයට එල්ල විය හැකි බාධා අවම කිරීම මෙහි මූලික අරමුණයි. ජනාධිපතිවරයා පසුගියදා සඳහන් කළ පරිදි සංචාරක ක්ෂේත්‍රය වැනි විදේශ විනිමය උපයන අංශ දිරිමත් කිරීම රජයේ ප්‍රමුඛතාවක් වී තිබේ.















