පවතින බලශක්ති අර්බුදය හමුවේ ඉන්ධන කළමනාකරණය විධිමත් කිරීම සඳහා QR කේතය අනිවාර්ය කිරීමට පිරවුම්හල් හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. එම සංගමයේ සභාපති කුමාර් රාජපක්ෂ මහතා අද (18) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළේය.
මීට පෙර ඇතැම් අවස්ථාවලදී සහනදායී පදනම මත QR කේතය නොමැතිව ඉන්ධන නිකුත් කළ ද, අද සිට එම සහනය සම්පූර්ණයෙන් අහෝසි කර ඇති අතර ඉන්ධන ලබාගත හැක්කේ QR කේතය පරීක්ෂා කිරීමෙන් පසුව පමණි
කිසියම් හදිසි අවශ්‍යතාවයක් පැන නැගුණ ද, QR කේතය නොමැති වාහන සඳහා ඉන්ධන ලබාදීමට පිරවුම්හල් සේවකයින්ට හැකියාවක් නොමැති බවත්, එවැනි අවස්ථාවක වෙනත් වාහනයක සහය ලබාගන්නා ලෙසත් සභාපතිවරයා දන්වා සිටියි
QR කේතය සම්බන්ධයෙන් තාක්ෂණික ගැටලු හෝ ලියාපදිංචි වීමේ අපහසුතා පවතී නම්, වහාම 1919 ක්ෂණික ඇමතුම් අංකය අමතා එම ප්‍රශ්න නිරාකරණය කරගෙන පිරවුම්හල් වෙත පැමිණෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි
සංචාරක ක්ෂේත්‍රය සහ ධීවර ක්ෂේත්‍රය සඳහා රජය හඳුන්වා දී ඇති විශේෂ QR සහන ක්‍රමවේදයන් ද අද සිට දැඩි ලෙස ක්‍රියාත්මක වනු ඇත. මේ හරහා ඉන්ධන පෝලිම් පාලනය කිරීමට සහ කළු කඩ ව්‍යාපාර වැළැක්වීමට අපේක්ෂා කෙරේ.















