මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අද (19) දහවල් වන විට ඇමෙරිකානු ඩොලර් 113 සීමාව ද ඉක්මවා ගොස් තිබේ. අද උදෑසන ආසියානු වෙළඳපොළ ආරම්භයේදී බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල ඩොලර් 112ක් ලෙස සටහන් වුවද, දහවල් වන විට එය ඩොලර් 113.70 දක්වා ශීඝ්‍රයෙන් ඉහළ ගියේය. මීට අමතරව වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් (WTI) බොරතෙල් බැරලයක මිල ද ඩොලර් 96.90ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙය පෙර දිනට සාපේක්ෂව 4%ක පමණ අගයක වැඩිවීමකි. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ පවතින අස්ථාවර දේශපාලන වාතාවරණය හමුවේ බලශක්ති සැපයුම පිළිබඳ පවතින අවදානම මෙම මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇති බවයි.
















