බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු මැද, දකුණ, ඌව, වයඹ සහ නැගෙනහිර පළාත් ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසකට මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයට ද අද (19) පස්වරු 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බැවින් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙයි. විශේෂයෙන් එළිමහන් ස්ථානවල රැඳී සිටීමෙන් වැළකී සිටින ලෙසත් විදුලි උපකරණ භාවිතයේදී වඩාත් සැලකිලිමත් වන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.














