බස්නාහිර, සබරගමුව, උතුරු මැද, දකුණ, වයඹ යන පළාත්වලට සහ මොනරාගල, මන්නාරම, වවුනියාව, මුලතිව් යන දිස්ත්‍රික්කවලට බලපාන පරිදි දැඩි උණුසුම් කාලගුණයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. හෙට (20) දිනයේදී මෙම දිස්ත්‍රික්ක 16 ක ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘අවධානය යොමු කළ යුතු’ (Caution) මට්ටම දක්වා ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි. මෙවැනි තත්ත්වයක් යටතේ එළිමහනේ වැඩි වේලාවක් රැඳී සිටීමෙන් අධික තෙහෙට්ටුව සහ මාංශ පේශි පෙරළීම (Heat Cramps) වැනි සෞඛ්‍ය ගැටලු ඇති විය හැකි බවට ද අනතුරු අඟවා ඇත.














