කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (මාර්තු 20) නිකුත් කළ නවතම නිවේදනයට අනුව දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පස්වරු 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. විශේෂයෙන්ම මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මන්නාරම, අනුරාධපුර සහ වවුනියා දිස්ත්‍රික්කවලත් මෙම තත්ත්වය බලාපොරොත්තු විය හැකියි.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇතිවීමේ අවදානමක් පවතී. එමෙන්ම මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද පැවතිය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි. විශේෂයෙන්ම එළිමහන් ස්ථානවල සහ ගස් යට රැඳී සිටීමෙන් වැළකී සිටීම සුදුසු බව ද අවධාරණය කෙරේ.














