ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකු කිහිපයක අද (20) දින අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවර මට්ටමක පවතින අතර ඇතැම් බැංකුවල ඩොලරයේ විකුණුම් මිල රුපියල් 315 සීමාවට ඉතා ආසන්න වී තිබේ. සෙලාන් බැංකුවේ වාර්තාවලට අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 308.75ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 313.50ක් ලෙසත් සටහන් වන අතර එන්.ඩී.බී බැංකුවේ විකුණුම් මිල රුපියල් 314.90 දක්වා සුළු අගයකින් ඉහළ ගොස් ඇත.
මහජන බැංකුවේ ද ඩොලරයේ විකුණුම් මිල රුපියල් 314.81ක් ලෙස සටහන් වන අතර කොමර්ෂල් බැංකුව සිය විකුණුම් මිල රුපියල් 314.75ක් ලෙස නොවෙනස්ව පවත්වාගෙන යනු ලබයි. කෙසේ වෙතත් සම්පත් බැංකුව වාර්තා කර ඇත්තේ සිය විකුණුම් මිල රුපියල් 315ක අගයක් ගන්නා බවයි. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය සහ ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ විනිමය අනුපාතිකයේ මෙවැනි සුළු විචලනයන් සිදුවෙමින් පවතින බව මූල්‍ය අංශ පෙන්වා දෙයි.
















