ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල සහ ඩ්‍රෝන තර්ජනයකට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් ආරක්ෂක පද්ධති (Air Defence Systems) සාර්ථකව ප්‍රතිචාර දක්වා ඇති අතර, මේ වන විට රට තුළ පවතින්නේ ආරක්ෂිත සහ සාමකාමී වාතාවරණයක් බව බලධාරීන් තහවුරු කර තිබේ. හදිසි අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමෙන් පසු, තත්ත්වය පාලනය කර ඇති බව දන්වමින් අද (මාර්තු 20) උදෑසන එමීර් රාජ්‍යයේ වෙසෙන සියලුම වැසියන්ගේ ජංගම දුරකථන වෙත කෙටි පණිවිඩයක් (Mobile Alert) යොමු කිරීමට ද ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කරන්නේ, එල්ල වූ මිසයිල තර්ජන ගුවන්ේදීම සාර්ථකව විනාශ කිරීමට (Interception) තම ආරක්ෂක පද්ධති සමත් වූ බවයි. ඩුබායි සහ අනෙකුත් ප්‍රධාන නගරවලට ඇසුණු අසාමාන්‍ය පිපිරුම් හඬවල් මෙම සාර්ථක ප්‍රතිප්‍රහාරයන්ගේ ප්‍රතිඵලයක් බවත්, එමගින් සිවිල් ජනතාවට හෝ යටිතල පහසුකම්වලට කිසිදු හානියක් සිදුවීමට ඉඩ නොදුන් බවත් බලධාරීන් අවධාරණය කළේය. හදිසි අවස්ථාවේදී පෙන්වූ සහයෝගය පිළිබඳව වැසියන්ට ස්තූතිය පළ කරන රජය, දැන් සාමාන්‍ය දෛනික කටයුතු ආරම්භ කළ හැකි බව දන්වා තිබේ.
කෙසේ වෙතත්, පවතින සංකීර්ණ කලාපීය තත්ත්වය හමුවේ කිසිදු අසත්‍ය ප්‍රචාරයක් හෝ කටකතා (Rumours) සමාජ මාධ්‍ය හරහා පතුරුවා නොහරින ලෙසත්, නිල රජයේ පුවත් මූලාශ්‍ර කෙරෙහි පමණක් විශ්වාසය තබන ලෙසත් ආරක්ෂක අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටී. සිවිල් වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය සියලුම පූර්වාරක්ෂක පියවරයන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද එමීර් රාජ්‍යය වැඩිදුරටත් සඳහන් කරයි.
















