ඉරට්ටපෙරියකුලම් පොලිස් වසමට අයත් පොදු සුසාන භූමියක කාණුවක් තුළ තිබී පිලිස්සී මියගිය නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ. පොලීසිය පවසන පරිදි මෘත ශරීරය හඳුනාගත නොහැකි මට්ටමට පිලිස්සී ඇති අතර එය උස අඩි 5 අඟල් 6ක් පමණ වන සාමාන්‍ය සිරුරක් සහිත පුද්ගලයෙකුගේ බවට අනාවරණය වී ඇත. මෙම මියගිය පුද්ගලයා පිළිබඳව යම් තොරතුරක් දන්නේ නම් ඉරට්ටපෙරියකුලම් පොලිස් ස්ථානාධිපතිවරයාගේ 071-8591344 අංකයට හෝ පොලිස් ස්ථානයේ 024-2223532 අංකයට දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. සිද්ධිය සම්බන්ධයෙන් ඉරට්ටපෙරියකුලම් පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.














