මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ පොහොර මිල ඉහළ යාම මෙරට කෘෂි කර්මාන්තයට මෙන්ම ජනතාවගේ පෝෂණ මට්ටමට ද බරපතල තර්ජනයක් වී ඇති බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවට ආනයනය කරන පොහොරවලින් වැඩි ප්‍රමාණයක් මැදපෙරදිග කලාපය ආශ්‍රිතව නිෂ්පාදනය වන බැවින් සහ මුහුදු ප්‍රවාහන මාර්ගවල පවතින බාධා හේතුවෙන් ඉදිරියේදී උග්‍ර පොහොර හිඟයක් ඇති වීමේ අවදානමක් පවතී.
පොහොර අර්බුදය හේතුවෙන් දේශීය ආහාර නිෂ්පාදන ධාරිතාව සහ අස්වැන්න අඩු වීම සෘජුවම ග්‍රාමීය ජනතාවගේ පෝෂණයට බලපාන අතර, මීට පෙර කාබනික පොහොර ගැටලුව පැනනැගුණු අවස්ථාවේදී මෙන්ම යළිත් රට පුරා මන්දපෝෂණ තත්ත්වයක් පැතිර යා හැකි බව වෛද්‍යවරයා අනතුරු අඟවයි. මෙම ගෝලීය අර්බුදයේ අහිතකර ප්‍රතිඵල අවම කරගැනීම සඳහා රජය කඩිනමින් විකල්ප විසඳුම් සහ නිසි වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව ද ඔහු අවධාරණය කරයි.














